සීනි බදු මංකොල්ලය මහ බැංකු කොල්ලයට වඩා බරපතලයි – වෛද්‍ය වසන්ත බණ්ඩාර

0
334

ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා ජාතික පුවත් පතකට ලිපියක් ලියමින් පවසා සිටින්නේ මහ බැංකු කොල්ලය මගින් රජයට සිදු වූ සෘජු මූල්‍යමය පාඩුව මිලියන 15000ක් බවට සඳහන් වුවද සීනි බදු කොල්ලය මගින් සිදු වූ පාඩුව එමෙන් දෙගුණයක් බවයි. ඊට අමතරව මහ බැංකු කොල්ලකරුවන් උපයාගත් අයුතු ලාභයෙන් මිලියන 12000ක් පමණ ආණ්ඩුව විසින් ගිණුම්වල රඳවා ගෙන ඇති බවද ඒ මහතා පෙන්වා දේ.වසන්ත බණ්ඩාර මහතාට අනුව මහ බැංකු මංකොල්ලයෙන් රජයට අහිමි වන්නේ රුපියල් මිලියන 3000ක් පමණ මුදලකි.එහෙත් සීනි කොල්ලකරුවෝ නිදැල්ලේ තම නීති විරෝධී ලාභය භුක්ති විඳින අතර තවත් අමතර ලාභයක් සඳහා තොග සැඟවීම මගින් මිල වැඩිකිරීමක්ද ඉල්ලා සිටින බවද ඒ මහතා පෙන්වා දේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here