මහින්ද කර අරී – එකාබද්ධ විපක්ෂය අනාථයි ..!!

0
564

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද පිලේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා, රවී කරුණානායක මුදල් ඇමතිවරයාට එරෙහිව අද (09) පැවැත්වෙන විශ්වාසභංග විවාදයට පැමිණ නැති බව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ නොපැමිනීම ගැන මහින්ද පිලෙන සිදුකළ ප්‍රශ්නකිරීමකදීය.

එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා මෙම විශ්වාසභංගයට අත්සන් තබා නැතැයිද පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

විවාදය ආරම්භ කළ දිනේශ් ගුණවර්ධන මහතා තමන්ට ලබා දී ඇති වේලාව මදි යැයි කියමින් සිය කතාව සිදු කරමින් පවතින අතරතුර නැගී සිටි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබන්නේනම් තවත් විනාඩි 20ක් ලබා දෙන බවය.

ඔහු අත්සන් නොතැබුවේ මන්දැයි ඔහු එහිදී ප්‍රශ්න කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here