එක්සත් ජාතීන්ගේ සමුළුවට ජනපති සමග තුන්දෙනයි – මෙරට ඉතිහාසයේ UN ගිය අඩුම දූත පිරිස !

0
319

එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා සමුළුවට සහභාගිවීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ ත‍්‍රිපුද්ගල කණ්ඩායමක් හෙට (20 දා) නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යනු ඇත.

මෙම සමුළුව අනිද්දා (21 ද) ආරම්භවේ.

මෙම සමුළුවේදී සියලූ රාජ්‍ය නායකයන්ගේ දේශනයන්හි අන්තර්ගතය වන්නේ කොවිඞ් අභියෝගය ජය ගැනීමේ ක‍්‍රියාන්විතය සහ ඉදිරි සැලසුම් පිළිබඳවය.

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප‍්‍රජාව අතර පවතින විවිධ වැරදි මතවාදයන් නිවැරදි කිරීමටද මෙවර රාජ්‍ය නායක සමුළුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීමටද නියමිතය.

එහිදී විදේශ සබඳතා ගැන රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡුා කිරීමටද කටයුතු කරනු ඇත.

මෙරට ඉතිහාසයේ අඩුම දූත පිරිසක් එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගිවන පළමු අවස්ථාව ලෙස ද මෙවර සංචාරය වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here