මහ බැංකු අධිපතිගෙන් සය මාසික ආර්ථික සැලැස්මක්

0
325

ඉදිරි මාස 6 ඉලක්ක කරගනිමින් නව ආර්ථික සැලැස්මක් සම්පාදනය කර ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ඒ මහතා ඒ බව පවසා තිබේ.

රටේ සියලු ප්‍රධාන අංශ ආවරණය කරමින් එම “සය මාසික ආර්ථික සැලැස්ම” නිර්මාණය කර ඇති බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිකුත් කර ඇති ට්ව්ටර් පණිවුඩයේ දැක්වේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වු අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය 15 වනදා ශ්‍රි ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස වැඩ භාරගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here