Monday, December 23, 2024

රිජ්වේ ආර්යා ළමා රෝහල කොවිඩ් අවධානමෙන් ඉවතට

සාර්ථක ලෙස කොවිඩ් එන්නත්කරණය සිදුකිරීම සහ සංචරණ සීමා පවත්වාගෙන යාම නිසා මේ වන විට කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසයි.

ඊයේ (18) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි විජේසූරිය මහතා මේ බව සඳහන් කළේ.

මීට සති දෙකකට පමණ පෙර රිජ්වේ ආර්යා ළමා රෝහලටද කොවිඩ් ආසාදනය වූ දරුවන් 25ත් 30ත් අතර ප්‍රමාණයක් නේවාසික ප්‍රතිකාර සඳහා යොමු වූ අතර මේ වන විට දෛනිකව පැමිණෙන සංඛ්‍යාව 8ත් 10ත් අතර ගණනකට සීමා වී තිබෙන බවයි ඔහු කියාසිටියේ.

මෙම තත්ත්වය යම්කිසි දුරකට සුභදායක දෙයක් වුවද අඛණ්ඩව මෙම සුරක්ෂිත ක්‍රමවේදය ආරක්ෂා කරගත යුතු බව විජේසූරිය මහතා සඳහන් කරන ලදී.

එමෙන්ම මරණ ප්‍රමාණයේ අඩුවක් මෙන්ම වැඩිහිටි ආසදිතයින්ගේද අඩුවක් පවතින අතර මේ සියල්ලන්ගෙන්ම පෙනී යන්නේ යම් ආකාරයකට රට තුළ පැවති කොවිඩ් 19 අවදානම හොඳ පැත්තකට ගමන් කිරීමක් බවයි ඔහු පැවසුවේ.

මෙහිදී ඇතැමුන් PCR පරීක්ෂණ අඩුකිරීම නිසා රෝගීන් ප්‍රමාණය අදුන්වී ඇති බවට අර්ථකථනය කිරීම තමන් පිළිනොගන්නා බව විජේසූරිය මහතා ප්‍රකාශ කළේය.

එම ප්‍රකාශයට කිසිම විද්‍යාත්මක පදනමක් නැති අතර රෝහල්වලට නේවාසික ප්‍රතිකාර ලැබීමට පැමිණෙන සියලුම දෙනාට ඇන්ටිජන් පරීක්ෂාව හෝ PCR පරීක්ෂණය සිදුකරන බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles