Sunday, November 17, 2024

ලොව උසම මිනිසුන් සිටි රටේ තත්වය, උඩු යටිකුරු වෙයි

දිගු කාලයක් ලොව උසම මිනිසුන් සිටින රට බවට හැඳින්වුයේ නෙදර්ලන්තයයි. නමුත් නවතම අධ්‍යනයකින් හෙළිවී ඇත්තේ දැන් නෙදර්ලන්ත ජනතාව කොට වෙමින් පවතින බවයි.

පසුගිය වසර 100 තුළ නෙදර්ලන්ත ජාතිකයන්ගේ උස වැඩි වී ඇතත්, මෙම අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත්තේ 2001 දී උපත ලැබූ නෙදර්ලන්ත ජාතිකයින් 1980 ඉපදුනු අයට වඩා සෙන්ටිමීටර 1 ක් කොට බවයි. කාන්තාවන් සඳහා මෙම වෙනස සෙන්ටිමීටර් 1.4 ක ඉහල අගයක් ගෙන තිබෙනවා.

1980 දී ඉපදුන ලන්දේසි ජාතිකයින් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 183.9 උසින් සිටි අතර එය 1930 දී උපත ලැබූ අයට වඩා සෙන්ටිමීටර 8.3 ක වැඩි උසකි. එමෙන්ම 1980 දී ඉපදුණු කාන්තාවන් ද සැලකිය යුතු ලෙස සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 170.7 ක් උස ය. 1930 දී උපත ලැබූ කාන්තාවන්ගේ සාමාන්‍ය උස සෙන්ටිමීටර 165.4 කි.

ඒ අනුව උස වැඩිම නෙදර්ලන්ත මිනිසුන් 1980 කාල වකවකානුවේ පරම්පරාව බවයි පැවසෙන්නේ. මෙලෙස උස අඩු වීමට හේතුව සංක්‍රමණය වීමේ මට්ටම ඉහළ යාම නිසා නෙදර්ලන්ත ජාතිකයන් වෙනත් ජාතීන් සමඟ මිශ්‍ර වීම බවයි පර්යේෂකයන් පවසන්නේ. (colombotimes.lk)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles