පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මංතීරුවට මෛත්‍රීගේ විරෝධය

0
349

ඓතිහාසික, පෞරාණික සහ පාරිසරික වටිනාකමකින් යුත් පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීම කිසිසේත්ම සිදුනොකළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, කුමන හේතුවක් මත හෝ පෙර රජ දවස වැව් බැමිවලට අත තැබීම සුදුසු නොවන බවය.

වැව් බැමි නිසැකයෙන් ම පරිස්සම් කළ යුතු බවත් පැවසු මෛත්‍රීපාල සිරිසේන මහතා, ඒවා පූජනීය වස්තූන් වන බව ද පැවසීය.

ප්‍රදේශයේ ගොවීන්ගෙන් සහ ස්වාමීන් වහන්සේගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරිමේ ව්‍යාපෘතිය මේ වනවිට තාවකාලිකව නවතා දමා තිබේ.

ප්‍රශ්නය – යම් යම් අමාත්‍යවරු පොලීසියේ OIC ලා මාරු කරනවා කියලා කියනවා. ඔබතුමාගේ කාලයේ කොමිෂන් පත්කරලා තිබුණා නම් එහෙම පත්කරන්න බෑ නේද අත්තනෝමතික විදියට ?

“ඕවා මේ … අන්තෝජටා බහි ජටා. “

ප්‍රශ්නය – සර් බාර් ඇරලා තියෙනවා නේ.

“පෝසතුන්ට සල්ලිකාරයින් ට මත්පැන් ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. ඔන්ලයින් කතා කරාම එවනවා. ඔය බාර්වල පෝළිම්වල හිටිය අයගේ තත්ත්වය ගත්තහම, තුන්වේල කන්න අමාරු අය තමයි ඔබ බාර් එකේ පොළිමේ ඉන්නේ. ඉතින් මේක හරිම පිළිකුල් සහත දෙයක්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here