වීරකැටියේ වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙකු මරුට

0
558

හම්බන්තොට, වීරකැටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

වීරකැටිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් 14 හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබේ . පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් අතරතුර වෙඩි තැබීම සිදුව ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ . කෙසේ වෙතත් වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here