කොළඹ තවත් වටිනා ඉඩම් 03ක් අවුරුදු 99 කට බදු දීමට සැලසුම්

0
460

කොළඹ නගරයේ තවත් වටිනා ඉඩම් 03ක් 99 අවුරුදු බදු පදනම මත ආයෝජන ව්‍යාපෘති සඳහා ලබා දීමට ඊයේ (19) පුවත්පත්වල දැන්වීම් පළ කර තිබුණි.

දැන්වීම පළ කර ඇත්තේ, නාගරික සංවර්ධන අධිකාරිය විසිනි.

මිශ්‍ර සංවර්ධන ව්‍යපෘති සඳහා කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉඩම් 03ක් ලබාදීමට මේ මගින් ටෙන්ඩර් කැඳවා ඇත.

එම නිවේදනයට අනුව කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ නො.12 ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය, නො.38 දරණ අංකයේ පිහිටි මහජන බැංකු රැජිණ ශාඛාව පිහිටි ස්ථානය හා නො.40 දරණ සතොස ගබඩා සංකීර්ණය මේ ව්‍යාපෘති සඳහා ලබාදීමට යෝජනා කර තිබේ.

Newsfirst.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here