වෙළෙඳපොළේ යළිත් ගෑස් හිඟයක් මතුව ඇතැයි වෙළෙඳපොළේ ආරංචි මාර්ග පවසයි.
වෙළඳපොලේ යළිත් ගෑස් හිඟයක් මතුව ඇති බව දිවයින පුරා ප්‍රදේශ ගණනාවකින් වාර්තා වේ. ලාෆ්ස් සහ ලිට්රෝ යන ගෑස් වර්ග දෙකම මෙසේ හිඟවී ඇති බවයි පාරිභෝගිකයින් සඳහන් කරන්නේ. රට තුළ උද්ගතව ඇති ඩොලර් හිඟය හේතුවෙන් ගෑස් ආනයනය කිරීම සඳහා වාණිජ බැංකුවලින් ණයවර ලිපි නිකුත් නොකිරීම මත ලාෆ්ස් ගෑස් සමාගමට යළිත් ගෑස් ආනයන කිරීමට නොහැකි වී ඇති බව එම සමාගමේ සභාපතිවරයා පැවසීය.
රට තුළ ඩොලර් හිඟයක් මතුවීමත් සමග ඇතැම් භාණ්ඩ ආනයනයේදී 100%ක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් රජය විසින් පසුගියදා පනවනු ලැබීය.
ගෑස් ආනයනයට ගැටලු පැන නැගී ඇත්තේ ඒ අනුව බව වාර්තා වේ.
ලාෆ්ස් සහ ලිට්රෝ ගෑස් වර්ග දෙකම මේ වන විට හිඟව පවතින බව ද පාරිභෝගිකයෝ මැසිවිලි නඟති.