මියන්මාරයේ භූ කමිපනයක්

0
362

මියන්මාරයේ රික්ටර් පරිමාණ ඒකක 5.1ක අගයකින් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා. එරට මුහුදු සීමාව ආසන්නයේ කිලෝ මීටර් 82 ක් පතුලේ මෙම කම්පනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූ කම්පනය එරට මුහුදු සීමාව ආසන්නය් ප්‍රදේශ කිහිපයකට දැනී තිබෙන අතර සිදුව ඇති හානිය පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ.

එමෙන්ම, ශ්‍රී ලංකාව භූමි කම්පාවක් සිදුවිය හැකි අවදානම් කලාපයේ පිහිටා නොමැති නමුත් ඉන්දුනීසියාව අවට සිදුවන භූ කම්පන හේතුවෙන් සුනාමි තත්ත්වයන්ට ගොදුරුවීමේ ඉඩකඩක් පවතින බව ජ්‍යෙෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණී තල්දෙන පවසන්නීය.

එහෙත් සුනාමි තත්ත්වයකට මුහුණදීමට වර්තමානයේ සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඇය සඳහන් කළාය. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණී තල්දෙන මහත්මිය මේ බව කියා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here