සංවර්ධන ක්‍රමෝපාය හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතාගේ ආරාධනයක් අනුව සිංගප්පූරුවේ ප්‍රධාන පෙළේ ආයෝජකයන් පිරිසකගේ හා නැඟෙනහිර මහ ඇමැති නෂීර් අහමඩ් මහතා ඇතුළු පළාත් සභා නියෝජිතයන්ගේ විශේෂ සාකච්ඡාවක් නැඟෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
සංචාරක, කර්මාන්ත, කාර්මික ආදී ක්ෂේත්‍ර ගණනාවක සිය ආයෝජන සිදු කිරීමට සිංගප්පූරු ආයෝජකයන් කැමැත්තෙන් පසුවන බව මෙම අවස්ථාවට විශේෂ ආරාධනාවක් ලැබ පැමිණි එස්.ඊෂ්වරන් මහතා පැවසීය.
එමෙන්ම ප්‍රදේශයේ ධීවර කර්මාන්තය වැඩිදියුණු කිරීමට සහ ලෝකයේ දෙවන විශාලතම ස්වාභාවික වරාය වන ත්‍රිකුණාමළය වරාය සංවර්ධනය කිරීම, පළාතේ ප්‍රධාන ආර්ථික මර්මස්ථානය වන ත්‍රිකුණාමළය කේන්ද්‍ර කරගත් ජත්‍යන්තර ගුවන් තොටුපළක් ඉදිකිරීම යන යෝජනා ප්‍රධාන ඇමැතිවරයා ආයෝජකයන් පිරිසට ඉදිරිපත් කළේය.
මෙම අවස්ථාවට පළාත් සභාවේ අමාත්‍යවරු පළාත් සභා මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් සහභාගීවූහ.