ඉන්දියාවෙන් යොහානිට තානාපති තනතුරක්

0
376

සතීශන්ගේ ‘මැණිකේ මගේ හිතේ..’ ගීතයෙහි Official cover song එක  ගායනය කොට මාස 3ක් තුළ ලොව වැඩිම සංඛ්‍යාවක් නැරඹූ 5 වැනි ගීතය බවට පත්කළ ශ්‍රී ලංකාවේ නවක ගායිකා යොහානි ද සිල්වා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික තානාපතිනිය ලෙස පත්කර ඇතැයි මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

යොහානි ද සිල්වා පසුගියදා ඉන්දියාවේ එන්ඩීටීවී (NDTV) ඇතුළු රූපවාහිනි නාළිකාවන් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් සතුට පළකරමින් ට්විටර් පණිවිඩ නිකුත් කරමින් කොළඹ ඉන්දීය මහකොමසාරිස් මේ බව පවසා තිබෙනවා.

එම පණිවිඩවල මෙසේද සඳහන් වේ.

“නවතම සංස්කෘතික තානාපතිනි යොහානි ද සිල්වා ඉන්දියාවේ ජාතික රූපවාහිනි නාළිකාවන් හි පෙනී සිටීම අභිමානවත් මොහොතකි. මිලියන 110කට වැඩි යූ ටියුබ් නැරඹුම් වාර හිමි කරගත් ඇයගේ ‘ මැණිකේ මගේ හිතේ’ ගීතය ඉන්දියාවේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා මිලියන ගණනකගේ හදවත් සොරා ගෙන ඇත. වසර දහස් ගණනක් පැරණි ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවයේ සැබෑ මිහිර සහ ගැඹුර මෙයින් පිළිබිඹු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here