Sunday, September 22, 2024

රට අරින තීන්දුව ගැන වෙනසක් ! ඇමැති බැසිල්ගේ ඉල්ලීමට ජනපති කැමැති වෙයි

සෞඛ්‍ය නිර්දේශ මත දැනට සීමා පනවා ඇති ක්ෂේත්‍ර කිහිපයක සීමා ඉවත් කිරීමට කොවිඩ් කාර්ය සාධක බළකායේ අවධානය යොමු වී තිබෙන බව වාර්තා වනවා.
මේ පිළිබඳ ඉල්ලීම යොමු කර ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසිනි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් කාර්ය සාධක බළකා රැස්වීම පැවැති අවස්ථාවේ දීය.
ආදායම් ලබන රාජ්‍ය ආයතන කොටස් වශයෙන් විවෘත කිරීම, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවකයන් ගෙන්වීමට අවසර ලබා දීම, ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීම, ත්‍රිරෝද රථ ධාවනයට අවසර ලබා දීම එම ඉල්ලීම් අතර වන බවයි වාර්තා වන්නේ.
ජනාධිපතිවරයා ඒ සඳහා අවසර ලබා දී ඇති අතර පොලිසිය හා සෞඛ්‍ය සේවා දැඩි අධීක්ෂණයක් කළ යුතු බව ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.
දිවයිනේ සෑම ප්‍රදේශයකටම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දෛනිකව ලැබීමේ වැඩපිළිවෙළ තවත් ශක්තිමත් කිරීමේ කාර්ය වෙළෙඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධනට පවරා දී තිබෙනවා.
සෑම ප්‍රදේශයකම පවතින ප්‍රශ්න පිළිබඳ පොලිස් ස්ථාන මගින් දෛනික වාර්තාවක් ලබා ගෙන අදාළ රාජ්‍ය ආයතනවලට යොමු කරන ලෙසද ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
අනවශ්‍ය පුද්ගලයන් මාර්ගවල ගමන් කිරීම නතර කරන ලෙස ද ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

Asian Mirror.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles