Saturday, September 21, 2024

ලිට්‍රෝ – ලාෆ් අධිකාරිය බිඳින්න ඛනිජ තෙල් සංස්ථාවෙන් ලංකා ගෑස් වෙළෙඳපොළට


ලිට්‍රෝ හා ලාෆ් සමාගම්වල පූර්ණ පාලනය අවසන් කරමින් මෙම වසර අවසන් වීමට ප්‍රථම ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ආරම්භ කිරීමට නියමිත නව ගෑස් සමාගම මගින් ‘ලංකා ගෑස්’ නමින් ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීමට බලශක්ති අමාත්‍යාංශය සූදානම්වේ.

මේ වෙනුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධව ආරම්භ කෙරෙන නව සමාගම සියොලිට් (SIYOLIT) ලෙසින් නම් කරනු ඇතැයි ද පැවසේ. මෙම නව සමාගම මගින් නිෂ්පාදනය කෙරෙන එල්පී ගෑස් (LPG) පාරිභෝගිකයාට වාසිදායක ලෙස තරගකාරී ​ මිලට අලෙවි කිරීමට අමාත්‍යාංශයේ අරමුණ වී ඇත.

දැනට ශ්‍රී ලංකාවේ එල්පී ගෑස් ව්‍යාපාරයේ ආධිපත්‍ය දරනුයේ ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් දෙකය. ලාෆ් සමාගම සම්පූර්ණයෙන්ම පෞද්ගලික හිමිකාරිත්වයක් දරන අතර ලිට්‍රෝ හි අයිතිය ඇත්තේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවටය.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව දැනට රටේ සමස්ත එල්පී ගෑස් අවශ්‍යතාවෙන් සියයට 5ක් පමණ ඛනිජ තෙල්වල අතුරුඵලයක් ලෙස නිපදවන අතර එම ප්‍රමාණ්‍ය ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් වෙත ලබාදෙයි. මෙම ගෑස් ප්‍රමාණය භාවිත කරමින් නව සමාගම ආරම්භ කිරීම ඛනිජ තෙල් අමාත්‍යාංශයේ සූදානමයි.

මෙම නව සමාගමේ කොටස් පෞද්ගලික ආයෝජකයන් වෙත නිකුත් කිරීමටද කටයුතු කරන බව මහා භාණ්ඩාගාර වාර්තා සඳහන් කරයි. මේ අතර සපුගස්කන්ද ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගනිමින් සිටී. එමගින් මෙරට එල්පී ගෑස් ඉල්ලුමෙන් සියයට 20ක් පමණ සපුරාලීම අපේක්ෂා කෙරේ.

Aruna

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles