Saturday, September 21, 2024

ගුරැ උද්ඝෝෂණ ඉහල ගියේ සරත් වීරසේකර නිසා දැන් හදන්නෙ හිට්ලර් කෙනෙක් වෙන්න – ජගත් කුමාරගෙන් චෝදනා

විනය පරීක්ෂණ මුලින්ම පැවැත්විය යුත්තේ තමන්ට නොව සරත් වීරසේකර ගාමිණී ලොකුගේ සාගර කාරියවසම් යන අයට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

තමන් විනය පරීක්ෂණවලට බිය නැති බවද පැවසූ ඔහු වත්මන් ආණ්ඩුව ප්‍රශ්න රැසක් ඇති වූයේ මෙම මැති ඇමැතිවරුන් විසින් බවද පැවසීය.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේ ඔහුට විරුද්ධව විනය පරීක්ෂණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පවත්වන බවට පලවන වාර්තා වලට ප්‍රතිචාර ලෙසයි.

විරෝධතා වල යෙදෙන මිනිසුන් ත්‍රස්තවාදීන් යයි කියමින් හරි දේ කියන මිනිස්සුන්ට විනය පරීක්ෂණ තබන්නැයි කියන සරත් වීරසේකර හිට්ලර් කෙනෙකු වීමට උත්සාහ කරන බවට ද ඔහු චෝදනා කළේය.

ගුරු උද්ඝෝෂණ මෙතරම් දුර පැමිණියේ සරත් වීරසේකරගේ කටයුතු නිසා බවද පැවසූ ඔහු දැන් කෑ ගසන සමහරුන් තමන්ගේ වැරදි හෙලිවෙතැයි බියෙන් පසුගිය යහපාලන සමයේ සැඟව සිටි බවද කියා සිටියේය.

පළාත් සභා සම්බන්ධයෙන් පක්ෂයේ මතයට විරුද්ධව ප්‍රකාශ නිකුත් කළේ සරත් වීරසේකර බවත් මුලින්ම විනය පරීක්ෂණය කළ යුත්තේ පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම්ට බවත් ඔහු පැවසීය.

පළාත් සභා පැවැත්වුවා නම් ජනප්‍රසාදයෙන් ජය ජය ගැනීමට තිබුණද දැන් එම මැතිවරණය ජයග්‍රහණය කිරීම ප්‍රශ්නයක් බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles