ආණ්ඩුව මුළු රටටම වෛරසයක් වෙලා , අනිත් රටවල් එන්නත් කළේ මිනිස්සු බේරාගන්න එක අපේ රටේ කළේ ආණ්ඩුව බේරාගන්න – හරීන්

0
299

ලෝකයේ සෙසු රටවල් කොවිඩ් එන්නත් ලබා දුන්නේ මිනිසුන් බේරා ගැනීමට වුවද මෙරට එන්නත්කරණය සිදුකර ඇත්තේ ආණ්ඩුව බේරා ගැනීමට බව සමගි ජනබලවේගය චෝදනා කරනවා. අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතායි මේ බව කියා සිටියේ.

තවදුරටත් ඔහු කියා සිටියේ වත්මන් ආණ්ඩුව මුලු රටටම වෛරසයක් බවට පත්ව ඇති බවත් ,ආණ්ඩුවේ ප්‍රබලයන්ද පිටින් රටට පැමිණි වෛරස බවත්ය.මෙම වෛරස ඉවත් කිරීමට පෙළගැසෙන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here