දින ගණනකට පසු කොරෝනා මරණ 100 න් පහලට බහී – අද මරණ 93

0
330

අද (20) දිනයේ පළමු වටයේ කොරෝනා ආසාදිතයන් 836 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

මේ අතර ඊයේ (19) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 93 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කරයි.

මිය ගිය අය අතරට වයස අවුරුදු 30ට අඩු එක් පුද්ගලයෙක් , වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 24 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 68 දෙනෙකු අයත්.

ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 12,218 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here