ගම්මන්පිලගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

0
396

 

ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් රුපියල් මිලියන 110ක් වටිනා කොටස් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් භාවිතා කරමින් තමා විසින් විකුණා ඇති බවට වන පැමිණිලි දෙකක් සම්බන්ධයෙන් තමා පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගැනීම වළකාලන නියොගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද ශ්‍රේෂ්ඨාධිකරනයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

මෙම පෙත්සමින් පොලිස් විශේෂ විමර්ශන ඒකකයඅධයක්ෂකවරයා, පොලිස්පතිවරයා ඇතුලු පාර්ශව 7ක් වග උත්තරකරුවන් ලෙස නම් කොට තිබෙනවා.

බ්‍රයන් ෂැඩික් සහ ලසිත පෙරේරා නැමැති අය තමාට එරෙහිව අසත්‍ය පැමිණිලි කර ඇති බවට උදය ගම්මන්පිල සිය පෙත්සමින් පවසන අතර ඔහු රුපියල් මිලියන 500 ක වන්දියක් ද වග උත්තරකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here