විශ්වවිද්‍යාල සඳහා තෝරාගන්නා ප්‍රතිශත නිකුත් වෙයි – අදාළ ප්‍රතිශත මෙන්න

0
320

2020 වසරේ උසස් පෙල විභාගය සඳහා පෙනී සිටි සිසුන් සඳහා වන සරසවි තෝරාගැනීම් වලට අදාළ ප්‍රතිශත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් නිකුත් කර තිබෙනවා.

මෙලෙස විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කිරීමට පෙර අදාළ ප්‍රතිශත නිකුත් කෙරෙන්නේ පළමු වතාවටයි. මෙයට හේතුව ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරන්නේ පසුගිය වසරේ නව සහ පැරණි විෂය නිර්දේශ දෙකක් යටතේ උසස් පෙළ විභාග පැවැත්වීමයි.

පසුගිය 2011 වර්ෂයේදී මෙවැනි ගැටළුවක් පැන නැගුනු අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝගය අනුව යමින් මෙවර පත් කළ කමිටුවක් මඟින් මෙම ප්‍රතිශත නිර්නය කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

එ අනුව ඉංජිනේරු, වෛද්‍ය, දන්ත වෛද්‍ය, කළමණාකරණ, නීතිය, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පත්ධති තාක්ෂණවේදය සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය යන පාඨමාලා සඳහා දිස්ත්‍රික්ක වශයෙන් තෝරාගන්නා ප්‍රතිශත පහත දැක්වේ.

සෙසු පාඨමාලා සඳහා තෝරාගන්නා ප්‍රතිශත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here