වැලිකඩ රැඳවියන් තවදුරටත් වහළය උඩ…

0
297

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහළය මත නැග ආරම්භ කළ විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට 10 දෙනෙකු පමණ විරෝධතාවයේ නිරතවන බවය. සිය දඬුවම ලිහිල් කරන්නැයි, ඉල්ලමින් ඔවුන් විරෝධතාවයේ නිතර වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත්, රැඳවියන්ගේ ඉල්ලීම්වලට සාධනීය පිළිතුරක් දීමට තම දෙපාර්තමේන්තුවට නොහැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here