ලෝකයෙන්ම 7 වෙනි තැනට ආපු ‘මැණිකේ මගේ හිතේ’ දැන් ඇමරිකාවෙි වීදිවල වැයෙයි

0
428

ශ්‍රී ලාංකික ගායන ශිල්පිනියක වන යොහානි ද සිල්වා විසින් ප්‍රතිගායනා කරනු ලැබූ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ලොව පුරා ජනප්‍රිය වීමත් සමග මේ වන විට එහි ජනප්‍රියතාව ඇමෙරිකා එක්සත් ජනපදය දක්වා ද පැතිරී තිබේ. ජනප්‍රිය ළමා වයලීන් වාදන ශිල්පිනයක වන කැරොලිනා ප්‍රොට්සෙන්කෝ විසින් එම ගී තනුව ඇමෙරිකාවේ වීදි සංදර්ශනයක වාදනය කිරීම තුළින් එම ගීතයේ ජනප්‍රියභාවය පැහැදිලි වේ.

ඇමෙරිකාවේ ජීවත්වන ප්‍රකට යුක්රේන යොවුන් වයලීන් වාදන ශිල්පිණී Karolina Protsenko කැලිෆෝනියාවේ – සැන්ටා මොනිකා හි වීථියක දී ‘මැණිකේ මගේ හිතේ’ ගීතය වාදනය කළේ විශාල පිරිසක් ආකර්ෂණය කර ගනිමිනි

මෙම ගීතය යූටියුබ් ගෝලීය සංගීත දර්ශකයේ මුල් ගීත 10 අතරට පිවිස තිබෙනවා.එය මේ සතියේ 07 වන ස්ථානයේ පසු වෙන අතර, මේ වෙනවිට ගීතයේ නැරඹුම් වාර සංඛ්‍යාව මිලියන 116 ඉක්මවා අවසන්.පසුගිය සතියේ එය පැවතියේ 6 වන ස්ථානයේය.මෙම ගීතය ඉන්දියාවේ අවධානයට ලක් වූයේ අමිතාබ් බච්චන් එම ගීතයේ හින්දි අනුවාදයට නර්තනය කරන වීඩියෝ පටයක් බෙදා ගැනීමෙන් පසුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here