පාසල් විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

0
339

පාසල් විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද (21) බාරදෙනු ලැබීය.

පාසල් විවෘත කිරීම එම මාර්ගෝපදේශ අනුව සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් අප නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම මාර්ගෝපදේශ  අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අද  පාසල්වලට නිකුත් කෙරෙනු ඇති බවයි.

පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග රැසක් එම මාර්ගෝපදේශ සංග්‍රහයේ දැක්වෙන බවද  හෙතෙම සඳහන් කළේ‍ය.

මේ අතර පාසල් දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමට රජය දැනටමත් තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here