පරාක්‍රම සමුද්‍රයේ ඇව්දින මංතීරැව නිසා රොෂාන් – මෛත්‍රී ගැටුමක

0
343

වත්මන් රජයේ සංවර්ධන ව්‍යාපෘතියක් වන පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරු ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිරතව සිටින බවට රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා. අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නා හිමියන් ඊයේ (20) බැහැදුටු අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීම කිසිසේත්ම සිදු නොකළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළද අදාළ ව්‍යපෘතිය ක්‍රියාත්මක කළ යුතුයැයි හිටපු ජනාධිපතිවරයා තමා සමඟ පෞද්ගලිකව සඳහන් කළ බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here