ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන J.G.R. කරුණාරත්න මහතා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත්කර තිබෙනවා.
සැප්තැම්බර් මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු එම තනතුරට පත්කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කලේ.
මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස එහි සහකාර අධිපතිවරියක වන කේ.එම්.ඒ දවුලගල මහත්මිය කටයුතු කළා.
මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු සියලූ නිලධාරීන්ට පවරන රාජකාරි වගකීම් යන ආදිය කළමනාකාරිත්වයේ සහ මහ බැංකුවේ අභිලාෂ හා අවශ්‍යතාවන්ට අනුව කලින් කලට වෙනස් වන බවයි.
සහකාර අධිපති ජේ. පී. ආර්. කරුණාරත්න මහතා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයෙන් මූල්‍යය පිළිබඳ වාණිජ විද්‍යාපති උපාධිය ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාර සංඛ්‍යානය පිළිබඳ පශ්චාද් උපාධි ඩිප්ලෝමාව සහ භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ද ලබා ඇත.
කරුණාරත්න මහතා එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ අධිසාමාජිකත්වය සහ ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ ආශ්රිත සාමාජිකත්වය දරයි.
මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස එහි සහකාර අධිපතිවරියක වන කේ.එම්.ඒ දවුලගල මහත්මිය හොබවා සිටියා.