Monday, November 18, 2024

ඔිස්ට්‍රේලියාවේ මෙල්බර්න් ආසන්නයේ භූ කම්පනයක්

ඔිස්ට්‍රේලියාවේ මෙල්බර්න් ආසන්නයේ රිච්ටර් මාපාංක 5.8 ක අගයක භූ කම්පනයක් සිදුව තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ ‘ජියෝසයන්ස්’ නමැති භූ ගර්භය පිළිබඳ තොරතුරු වාර්තා කරන රාජ්‍ය ආයතනය මේ බව නිවේදනය කළා.

භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය මෙල්බර්න් නගරයට ඊසාන දෙසින් කි.මී 200 ක් (සැතපුම් 124 ක්) වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රාමීය නගරයක් වන මෑන්ස්ෆීල්ඩ් අසල වූ අතර, එය කි.මී. 10 ක් (සැතපුම් හයක්) ගැඹුරින් ඇති ව තිබෙනවා.

භූමිකම්පාව හේතුවෙන් මෙල්බර්න් නගරයේ ප්‍රධාන වීදියක සුන්බුන් සහිත පින්තූරයක් 3AW ගුවන් විදුලි මධ්‍යස්ථානය විසින් ප්‍රකාශයට පත් කළ අතර, ගොඩනැගිලිවල සිටි ජනතාව ඒවාගෙන් ඉවත් කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා වේලාවෙන් දැනට පැය 03කට පමණ පෙර එම භූකම්පනය සිදුව ඇති බව වාර්තා වේ.

වික්ටොරියා ප්‍රාන්තයේ බුලර් කන්දට කිලෝමීටර 38ක් දකුණින් පිහිටි ප්‍රදේශයක එම භූ කම්පනය හටගෙන ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් භූ කම්පනයෙන් ගොඩනැගිලිවලට හානි සිදුව ඇති අතර මේ දක්වාත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ඔිස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර නැත.

මෙම කම්පනය තත්පර 30 කට ආසන්න කාලයක් පැවති අතර එය සිඩ්නි සහ කැන්බරා නගර වෙතද දැනී තිබෙනවා.

කෙසේ වෙතත් මෙල්බර්න් නගරයෙන් පිටත කිසිඳු හානියක් පිළිබඳ ව තව ම වාර්තා වී නැහැ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles