Tuesday, October 22, 2024

රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි කරමින් හා දැවැන්ත පාරිසරික හානියක් සිදු කරමින් සිදුවන දැවිතෙල් ජාවාරම ගැන විමර්ශනයක්

රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි කරමින් හා දැවැන්ත පාරිසරික හානියක් සිදු කරමින් කාලාන්තරයක් තිස්සේ සිදු කර ගෙන  යන අප රටට පැමිණෙන නැව්වලින් බැහැර කරන දැවිතෙල් මිල දී ගැනීමේ ජාවාරම සම්බන්ධව පුළුල් විමර්ශණයක් සිදු කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

ඒ අනුව මෙම ජාවාරම නැවැත්වීමට මෙන්ම ඒ හරහා ගනුදෙනු වන අතිවිශාල මුදල් සම්බාරය සම්බන්ධව විමර්ශණය කිරීමේ කටයුතු ජනාධිපති විමර්ශණ අංශය මගින් සිදු කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ජනාධිපතිවරයා ඇමෙරිකානු සංචාරය නිම කර පැමිණි පසු ඔහුත් සමග සාකච්ඡා කිරීමටත් මෙම ජාවාරම හරහා රටට ඩොලර්වලින් අහිමි කර තිබෙන ධනස්කන්දය සම්බන්ධව ජනපතිට කරුණු සහිත වාර්තාවක් ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles