ජනාධිපතිවරයා දෙමළ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ආරාධනා කිරීම ගැන සුමන්තිරන් සතුටින්

0
287

ජනාධිපතිවරයා සාකච්ඡා සඳහා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කිරීම ගැන තමා සතුටු වන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන්  මහතා පැවැසීය.

ජනාධිපතිවරයා ගත්  එම  තීරණය හොඳ පියවරක් බවද හෙතෙම සඳහන් කළේය.

දෙමළ ජනතාවගේ මහජන නියෝජිතයන් වශයෙන් තම කණ්ඩායම සමග සාකච්ඡා කර  එම ජනතාවගේ ගැටළු විසඳීමට කටයුතු කරන්නැයි  සෑම අවස්ථාවකදීම ඉල්ලා සිටියද එම ඉල්ලීම මේ දක්වාම හරියාකාරව ඉටු නොවුණු බව ද සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේය.

දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ලෝකයේ බොහෝ රටවල විසිරී සිටින බවද ඔහු පැවසුවේය.

Kubiyo News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here