Wednesday, November 20, 2024

ශ්‍රී ලංකාවට තවත් ජයක් – ගෝලීය සාම දර්ශකයෙන් පියවර 18ක් ඉදිරියට එයි

2016 ගෝලිය සාම දර්ශකයේ ස්ථාන 18ක් ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

පසුගිය වසරේදී 114 වන ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකාවට මෙවර 97 වන ස්ථානය හිමිව ඇති බව වාර්තා වේ.

ආර්ථිකය සහ සාමය සදඳහා වන ආයතනය විසින් නිකුත් කළ වාර්තාවකට අනුව දකුණු ආසියාවේ ඉහළම වර්ධනයක් පෙන්නුම් කරන රට බවට  ශ්‍රී ලංකාව පත්ව ඇත.

සමාජයීය අපරාධ, දේශපාලන ස්ථාවරත්වය, සාමකාමි මැතිවරණ, ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සලකා බැලීමෙන් පසු අදාළ ශ්‍රේණිගත කිරීම සිදු කෙරෙයි.

ලොව වඩාත්ම සාමකාමි රට ලෙස අදාළ වාර්තාවේ දක්වා ඇත්තේ අයිස්ලන්තයයි.

පිළිවෙළින් ඩෙන්මාර්කය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, පෘතුගාලය, චෙක් ජනරජය, ස්විස්ටර්ලන්තය, කැනඩාව, ජපානය සහ ස්ලෝවෙනියාව පෙරමුණේ පසුවේ.

යුරෝපා රටවල් ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය ගෝලීය සාම දර්ශකයේ පහල ස්ථානවලට පත්ව ඇත.

මෑතකදී ජනමාධ්‍ය නිදහස අතින් ද ශ්‍රී ලංකාව පසුගිය කාලයට වඩා ඉදිරියට පැමිණ ඇති බව වාර්තා විය.  adaderana

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles