හයිටියේ සරණාගතයන් දහස් ගණනක් බයිඩන් හරවා යවයි

0
280

එක්සත් ජනපදය මෙවැනි අස්ථාවර තත්ත්වයකට හයිටියේ ජනතාව නෙරපා හැරීම ලෝක ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකි සහ එය රැකවරණය සොයන මිනිසුන්ව ජීවිතයට තර්ජනයක් වන තත්ත්වයන් නියෝජනය කරන්නක් බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය සඳහන් කරයි.

ටෙක්සාන් නගරයේ ඩෙල් රියෝ සිට මෙක්සිකෝවේ සියුඩාඩ් අකූනා දක්වා රියෝ ග්‍රෑන්ඩ් දක්වා දිවෙන පාලමකට පහළින් ඉදි වූ කඩිනම් කඳවුර තුළ මූලික වශයෙන් හයිටි ජාතික සංක්‍රමණිකයන් 10,000ක් පමණ ඒකරාශී වූ හයිටි සරණාගත අර්බුදය හමුවේ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් වෙත දැඩි පීඩනයක් එල්ල වී තිබේ.

මේ වනවිටත් එක්සත් ජනපද බලධාරීන් රැඳවුම් ස්ථාන සැකසීම සඳහා පුද්ගලයන් 4,000කට නොඅඩු සංඛ්‍යාවක් එම ස්ථානයෙන් ඉවත් කර ඇත. නමුත් ඊටත් වඩා වැඩි පිරිසක් මේ වනවිට යළිත් හයිටිය බලා ආපසු හරවා යැවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ අවධානය යොමුව තිබේ.

එක්සත් ජනපදයේ දිවි ගෙවීමේ බලාපොරොත්තුවෙන් කරදරකාරී කැරිබියන් දූපතෙන් මිදී දකුණු ඇමරිකාව හරහා දුෂ්කර මුහුදු ගමන වෙනුවෙන් ඩොලර් 1000ක් වියදම් කර පැමිණි මෙම ජනතාව, ඔවුන් පැමිණි තැනටම යළි හරවා යවන විට ඇතමුන් කෝපාවිශ්ඨව හැසිරුණු බව කියයි. විශේෂයෙන්ම හයිටි බලධාරීන් පිටුවහල් කිරීම් පිළිගත් බවට තොරතුරු ලැබීමෙන් පසුව ඔවුන්ගේ කෝපය දෙගුණු තෙගුණ වී ඇත.

දුප්පත් කැරිබියානු ජාතිය තුළ පවතින අස්ථාවරභාවය සඳහා එරට ජනාධිපති ඝාතනය, මැර කල්ලි හිංසනය වැඩිවීම සහ සැලකිය යුතු භූමිකම්පාවද හේතු වී තිබේ.

Ada.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here