ඇමති බන්දුලට එලොව මතක් වෙයි: තව වෙසක් පෝය කීයක් සිටී දැයි ප්‍රශ්න කරයි

0
523

නොමැරෙන මිනිසුන් ලෙස නොව මැරෙන මිනිසුන් ලෙස ජීවත් වෙන ලෙස බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කළා.

ඒ ඔහු ඔහුට විරුද්ධව පුවත්පතක ලියැවුණු පුවතක් හා කතු වැකියක් සම්බන්ධව අදහස් දක්වද්දී විපක්ෂය දැක්වූ විරෝධතා වලට ප්‍රතිචාර ලෙසයි.

පාර්ලිමේන්තුවේ බිඳ වැටීම

රටේ උත්තරීතර සභාව ලෙස මේ පාර්ලිමේන්තුවට එන සියල්ලන්ම එකිනෙකාට ගරු කළ යුතු බව පෙන්වා දෙන අමාත්‍යවරයා එසේ නොවුණහොත් බිඳ වැටෙන්නේ සමස්ත ආයතන එම බවයි සඳහන් කරන්නේ.

ධනය හා බලය තිබෙන බොහෝ දෙනකු කොවිඩ් වසංගතයෙන් මිය ගිය බව පෙන්වා දුන්නේ ඊට උදාහරණද සහිතව.

සමු ගත් හිතවතුන්

කෙලී මහරාජා , වි.ජ.මු. ලොකුබණ්ඩාර , සුනිල් පෙරේරා , මංගල සමරවීර යන මහත්වරුන් එම උදාහරණ ලෙස පෙන්වා දුන් අමාත්‍යවරයා “අපි තව වෙසක් පෝය කීයක් ජීවත් වේ” දැයි සඳහන් කළා.

හොරකම් කර හම්බකරන කිසිම දෙයක් එසේ යනකොට අරගෙන නොයන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

Asian Mirror

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here