සරත් – ජගත් ගැටුම නිවන්න පසුපෙල මැදිහත්වෙයි

0
435

මහජන ආරක්ෂක ඇමති ආචාර්ය සරත් වීරසේකර මහතා සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ඒ.ඩි.ජගත් කුමාර මහතා අතර ඇතිව තිබෙන දේශපාලන ගැටුම සමථයකට පත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ඉදිරිපත් වී සිටී .

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ඇමති සරත් වීරසේකර මහතා සහ ජගත් කුමාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(22)වෙන වෙනම හමුවි මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත .

ආණ්ඩු පක්ෂයේම දෙදෙනකු මෙලෙස එළිපිට ගැටුම් ඇතිකර ගැනීමෙන් ආණ්ඩුවම අපහසුතාවට පත්වන බැවින්,මෙය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්නැයි එම කණ්ඩායම ඔවුන් දෙදෙනාගෙන්ම ඉල්ලීමක් කර ඇත .

පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ පිහිටි අමාත්‍ය කාර්යාලයේදී ආචාර්ය සරත් වීරසේකර මහතා මුලින්ම හමුවී ඇති අතර, පසුව පාර්ලිමේන්තු ආලින්දයේ දී ජගත් කුමාර මහතා හමුවී සාකච්ඡා කර ඇත .

පාදුක්කේ දී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ඇමතිවරයා සහ මන්ත්‍රවරයා යන දෙදෙනාම ඔවුන්ගේ පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කළ බවත්, මෙම ගැටලුව සාකච්ඡා කොට විසඳාගන්නැයි දෙදෙනාගෙන්ම ඉල්ලීමක් කළ බවත් එම සාකච්ඡාවට සහභාගි වූ පසුපෙළ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, සංජීව එදිරිමාන්න ,තිස්ස කුට්ටිආරච්චි ,මිලාන් ජයතිලක, වෛද්‍ය උපුල් ගලප්පත්ති ,අජිත් රාජපක්ෂ, කරුණාකොඩිතුවක්කු යන මහත්වරුන් ඇතුළු පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ඊට සහභාගී වූහ.

Kubiyo News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here