Wednesday, November 20, 2024

මාළු අපනයනය ඉහළට

ඉතිහාසයේ පළමු වතාවට 2015 වර්ෂයේදී ආනයන මාළු වටිනාකමට වඩා මසුන් අපනයන වටිනාකම ඉක්මවා තිබිණි. 2015 වර්ෂයේදී මසුන් ප්‍රවාහනය කිරීම සඳහා බිලියන 24.7 ක මුදලක් වැයවුණු අතර මේ වසරේදී ආනයන මාළු වටිනාකම බිලියන 30.7 ක් ඉක්ම ගොස් ඇත.

මුදල් අමාත්‍යංශයේ වාර්ෂික දත්ත වර්තාවන්ට අනුව මාළු මෙට්‍රික් ටොන් 120.046 ක් බිලියන 18.8 ක වියදමින් 2014 දී ආනයන කරන ලදී. 2015 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 78.712 ක් මාළු ආනයනය කරන ලදී. 2015 වර්ෂයේදී මාළු ටින් වශ‍ෙයන් සහ කරවල ලෙස පිටරටට අපනයනය කරන ලද අතර එම වසරේදී අපනයනයෙන් උපයා ගත් දේට වඩා මාළු ආනයනය කිරීමට මුදල් වැඩි වුණු බව දත්ත වාර්තාවලින් හෙළිදරව් වී තිබේ.

වාර්ෂික වාර්තාවෙහි සඳහන් වුණු පරිදි ධීවර කර්මාන්ත ක්ෂේත්‍රයේ 2015 වර්ෂයට සාපේක්ෂව 3.7% ක වැඩි වර්ධනයක් සිදු වී ඇත. 2014 වර්ෂයේදී 1.4% ක වර්ධනයක් තිබුණ බව ද සඳහන් වේ. ශ්‍රී ලංකාවේ අපනයන මාළු නිෂ්පාදනය 11.2% ක ශීඝ්‍ර නිෂ්පාදන වර්ධනයන් සඳහා මාළු මෙට්‍රික් ටොන් 76.300 සිට 75.700 පමණ මසුන් අවශ්‍ය වූයේය.

ධීවර බෝට්ටු සහ ධීවර ආම්පන්න යනාදිය සපයා දීමෙන් ධීවර කර්මාන්තයේ ශීඝ්‍ර දියුණුවක් ලබාගත හැකි බව මුදල් අමාත්‍යංශයේ දත්ත වාර්තාවලින් පැහැදිලි කෙරිණි. දිගින් දිගටම ධීවර ප්‍රජාවගේ සහභාගිත්වය හා ඊට පදනම් වූ කුඩා අභිජනන මධ්‍යස්ථාන ඇති කරමින් මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය වැඩිකිරීම සඳහා කටයුතු කිරීමට අවශ්‍ය බව පෙන්වා දී තිබේ.

මදාරා මුදලිගේ  dinamina

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles