රියදුරන්ට අනතුරු ඇඟවීමක් !

0
319

ගතවූ මාස අටක කාල​යේදී බීමත්ව රිය පැදවීම ඇතුළු විවිධ කාරණා මත රියදුරු බලපත්‍ර 725 ක් අධිකරණ නියෝග මත අවලංගු කළ බව රියදුරු බලපත්‍ර කොමසාරිස් වසන්ත ආරියරත්න මහතා පවසනවා.

2021 ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 31 දක්වා කාලයේදී මෙම බලපත්‍ර අත්හිටුවා තිබෙනවා.

බීමත්ව රිය පැදවීම, බරපතල රිය අනතුරු ඇතුළු විවිධ කරුණු යටතේ අධිකරණ මගින් අත්හිටුවනු ලබන රියදුරු බලපත්‍ පිළිබඳ කරන ලද විමසුමකට පිළිතුරු දෙමින් රියදුරු බලපත් කොමසාරිස්වරයා මේ බව සඳහන් කළා.

පසුගිය වසරේ ද අධිකරණ නියෝග මත රියදුරු බලපත්‍ර 1182 ක් අත්හිටුවා ඇතැයි ද කොමසාරිස්වරයා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here