ඊ.ටී.එෆ්. ඊ.පී.එෆ්. ණය ගැන පුළුල් විමර්ශනයක්

0
873

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදලින් පසුගිය කාලයේදී රජය ලබාගත් ණය සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුවට ඉල්ලීම් ඉදිරිපත්ව ඇත. සාමාන්‍ය වෙළෙඳ‍පොළ ‍පොලී අනුපාතයට වඩා අඩු ‍පොලියකට සේවක භාරකාර අරමුදලින් හා සේවක අර්ථසාධක අරමුදලින් ණය ගැනීම නිසා එම අරමුදල්වලට ලැබිය යුතු ‍පොලී මුදල් අහිමිවීම පිළිබඳව විමසා බැලිය යුතු බවටද මහ බැංකුවේ අවධානය යොමුව තිබේ.
එමෙන්ම සේවක අර්ථසාධක අරමුද‍ලේ මුදල් කොටස් වෙළෙඳ‍පොළේ ආයෝජනය කළ ආකාරය පිළිබඳ විමර්ශනය කිරීමට මහ බැංකුව කටයුතු කරමින් සිටින බවද මහ බැංකු ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි. lakbima

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here