කබ්රාල් එරෙහි පෙත්සමට විරෝධතා ඉදිරිපත්කිරීමට අවස්ථාව

0
286

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට අදාළ සීමිත විරෝධතා ඉදිරිපත්කිරීම සඳහා අභියාචනාධිකරණය කල් ලබාදුන්නා.

පෙත්සම ඊයේ දිනයේ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

පෙත්සමින් තවදුරටත් ඉල්ලා තිබුනේ කබ්රාල් මහතා අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි.

පෙත්සම සලකා බැලීම ලබන මස 7 වනදා දක්වා කල්තැබූ අභියාචනාධිකරණය, සීමිත විරෝධතා ලබන 30 වනදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස වගඋත්තරකරුවන්ට නියම කළා.

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයා, පොලිස්පතිවරයා, ජනාධිපති ලේකම්වරයා මෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු යන මහත්වරුන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here