හයිඩ්‍රජන් අනාගත ලෝකයේ බලශක්ති ප්‍රභවයයි

0
310

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි මේ දිනවල “ගෑස්ටෙක් 2021” සමුළුව පැවැත්වේ. ගෑස්, ද්‍රව ස්වාභාවික වායු , හයිඩ්‍රජන් සහ බලශක්ති කර්මාන්ත සඳහා සහාය වන ලොව විශාලතම ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය ගෑස්ටෙක් වේ.

“හයිඩ්‍රජන් අනාගත ලෝකයේ බලශක්ති ප්‍රබවයයි” යන තේමාව යටතේ ගෑස්ටෙක් සමුළුවේ පැවැත්වුණු ඇමතිවරුන්ගේ කතිකාවට නයිජීරියාව, බංගලිදේශය, පෘතුගාලය සහ අසර්බයිජානය යන රටවල බලශක්ති ඇමතිවරු සමග ශ්‍රී ලංකාවේ බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා ද එක්වුණි.

එමෙන්ම 2050 වසර වන විට ලෝකයේ කාබන් ශුන්‍ය බලශක්ති පාරිභෝජනය සඳහා වන ප්‍රතිපත්ති නිර්මාණය කරන ගෝලීය වේදිකාවක් ලෙස ද ගෑස්ටෙක් සමුළුව ක්‍රියාත්මක වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here