පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා නිව්යෝර්ක් නුවර විරෝධතාවක්

0
298

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකර දෙන ලෙස ඉල්ලා ඊයේ දින (22) අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර විරෝධතාවක් පැවැත්විණ.
මෙම විරෝධතාවය පැවැත්වුණේ, නිව්යොක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදීයි.
අමෙරිකාවේ සිටින ශ්‍රි ලාංකිකයින් පිරිසක් විරෝධතාවය සංවිධානය කර තිබිණ.

මෙම විරෝධතාවට එක් වූ පිරිස කියා සිටියේ, ඔවුන් එක් වූයේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉල්ලා සිටිමේ අරමුණෙන් මිස වෙනත් කිසිදු දේශපාලනික හෝ ආගමික ළබැඳියාවක් ඇති ව නො වන බවයි.

ඔවුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් මෙම ප්‍රහාරය සම්බන්ධව වඩාත් විධිමත් විශ්වසනීය පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සිටියා.

මෙම ස්ථානයට මහ සංඝරත්නය, පූජා ප්‍රසාදීන්වහන්සේලා ද සහභාගී වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here