Friday, September 20, 2024

“සියලුම සේවකයන් එකවර කැඳවන්න එපා” – මහාචාර්ය අර්ජුන

පොදු ප්‍රවාහනවලින් ‘කොවිඩ්’ වයිරසය දීර්ඝයෙන් බෝවන බව වර්තමාන තත්වය අනුව පැහැදිලි බවත් දැඩි සංචරණ සීමා සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ක්‍රමානුකූලව රට විවෘත කළ හැකි බවත් රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

රට විවෘත කර බස් සහ දුම්රිය ඇතුඵ පොදු ප්‍රවාහන සේවය ආරම්භ කර රාජ්‍ය සේවකයන් සියයට 100 ක් එකවර කැඳවුවහොත් පොදු ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් නොවන බව කී මහාචාර්ය ආර්ජුන ද සිල්වා මහතා ආරම්භයේදී රජයේ සේවකයන්ගෙන් සියයට 25 ක් පමණ කැඳවීම වඩාත් හොඳම පියවර බවත් සඳහන් කළේය.

මරණ සංඛ්‍යාව සහ ආසාදිතයන් සංඛ්‍යාවත් අඩු වී නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට පෙර තිබූ තත්වයට වඩා වර්තමාන තත්වය ගොඩක් යහපත් වී තිබෙන බවත් දැඩි සෞඛ්‍ය නීති යටතේ සේවකයන් අඩු ප්‍රමාණයක් කැඳවමින් පළමුවෙන්ම සතියක පමණ කාලයක් දැඩි අවධානය යොමු කරමින් ඉදිරියට යා යුතු බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කීය.

රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්ජුන ද සිල්වා මහතා රට විවෘත කිරීම පිළිබඳව වැඩි දුරටත් මෙසේ පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles