Friday, September 20, 2024

ලොහාන්ගේ සිද්ධිය ගැන පරීක්ෂණ වාර්තාව සති දෙක තුළ

හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටි එල්. ටී. ටී. ඊ. සිරකරුවන් වෙත සිදුකළැයි කියන අයුතු බලපෑම සම්බන්ධයෙන් බන්ධනාගාරයෙන් සිදුකරන පරීක්ෂණයේ ‘අවසන් වාර්තාව’ ඉදිරි සති දෙක ඇතුළත බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත භාරදීමට නියමිතව ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සිද්ධියට අදාළව පුළුල් පරීක්ෂණයක් සිදුකිරිම සදහා බන්ධනාගාර කෙමසාරිස් ජනරාල්වරයා විසින් කොමසාරිස් ජනරාල් (සැපයුම්) සුනිල් කොඩිතුවක්කු මහතා පත්කරනු ලැබ තිබුණේ ඉකුත් 15 වැනිදාය.

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මෙන්ම වැලිකඩ බන්ධනාගාරවල නිලධාරින්ගෙන් සහ සිරකරුවන් ඇතුළු 40 දෙනකුට ආසනන් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ද පැවසෙයි.

එම ප්‍රකාශවල සාරංශය ඇතුළත් කර මෙම අවසන් වාර්ථාව මේ වන විට සකස් වෙමින් පවතින බවද සදහන් වෙයි. පසුව එම වාර්තාව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණීය මහතා අධිකරණ අමාත්‍යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.

සිරකරු දිනය පැවැති ඉකුත් 12 වැනිදා හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටි එල්. ටී. ටී. ඊ. සිරකරුවන් බලපෑම් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පලවීමත් සමඟ ඔහු එම රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූයේ ඉකුත් 15 වැනිදාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles