Monday, December 23, 2024

Xiaomi ඇතුළු සියළු චීන දුරකථන භාවිතය තහනම් කළ රට මෙන්න

පාරිභෝගිකයින් දැනට භාවිත කරන චීන දුරකථන ඉවත දැමිය යුතු අතර අලුත් ඒවා මිලදී ගැනීමෙන් ද වලකින ලෙස ලිතුවේනියාවේ ආරක්ෂක අමාත්‍යාංශය එරට ජනතාවට අනතුරු අඟවා ඇත.

මෙයට ආසන්නතම හේතුව ලෙස එරට ආරක්ෂක අමාත්යංශය දක්වා ඇත්තේ Xiaomi දුරකථනයේ හි Mi 10T 5G දුරකථන මෘදුකාංගයේ ඇති “යුරෝපා සංගම් කලාපය” සඳහා අක්‍රිය කර තිබූ නමුත් ඕනෑම වේලාවක දුරස්ථව එය ක්‍රියාත්මක කළ හැකි වීම බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

චීනයේ නිෂ්පාදිත 5G ජංගම දුරකථන පරීක්‍ෂා කොට එරට ජාතික සයිබර් ආරක්‍ෂක මධ්‍යස්ථානය විසින් වර්තාවක් නිකුත් කර ඇත. එම වාර්තාවට අනුව Xiaomi දුරකථනයක් නිමවා ඇත්තේ දුරකථන තුළ වාරණ මෙවලම් (censorship tools) අන්තර්ගත කරය. තවත් Huawei මාදිලියක ආරක්‍ෂිත දෝෂ තිබී ඇත. එරට ජාතික සයිබර් මධ්‍යස්ථානයේ වාර්තාවේ සඳහන් වූයේ ද Xiaomi දුරකථනය සංකේතාත්මක දුරකථන භාවිත දත්ත සිංගප්පූරුවේ සේවාදායකයකට යවන බවයි.

“අපගේ නිර්දේශය වන්නේ නව චීන දුරකථන මිලදී නොගැනීම සහ සාධාරණ මිලකට හැකි ඉක්මනින් මිලදී ගත් ඒවා ඉවත් කිරීම” බවයි රජයේ ආරක්ෂක වාර්තාව හඳුන්වා දීමේදී නියෝජ්‍ය ආරක්ෂක ඇමති මාගිරිස් අබුකෙවියස් වාර්තාකරුවන්ට පවසා ඇත්තේ. එරට ජාතික සයිබර් මධ්‍යස්ථානයේ වාර්තාවේ සඳහන් වූයේ ද Xiaomi දුරකථනය සංකේතාත්මක දුරකථන භාවිත දත්ත සිංගප්පූරුවේ සේවාදායකයකට යවන බවයි.

මීට පිළිතුරු ලෙස Huawei සමාගම පවසා ඇත්තේ තම නිෂ්පාදනය මගින් කිසිදු පරිශීලක දත්තයක් බාහිරට නිකුත් නොවන බවයි. එසේම තම නිෂ්පාදන තුළ වාරණ මෙවලම් (censorship tools) නොමැති බව Xiaomi පවසා ඇත.

චීනයේ හුවාවි සමාගම විසින් P40 5G දුරකථනයේ ආරක්‍ෂිත දෝෂයක් ද සොයා ගත් නමුත් තවත් චීන නිෂ්පාදකයෙකු වන One Plus දුරකථනයේ කිසිවක් හමු නොවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බෝල්ටික් ප්‍රදේශයේ Huawei හි නියෝජිතකු විදෙස් මාධ්‍ය වලට පැවසුවේ එහි දුරකථන පරිශීලකයාගේ දත්ත බාහිරව නොයවන බවයි.

‘අපේ නිර්දේශය අලුතින් චීන දුරකථන මිලදී නොගැනීමත් දැනටමත් මිලදී ගෙන ඇති ඒවා හැකි ඉක්මනින් ඉවත් කිරීමයි’ ලිතුවේනියාවේ ආරක්ෂක නියෝජ්‍ය ඇමති මාගිරිස් අබුකෙවිසියස් පවසනවා.

ලිතුවේනියාව සහ චීනය අතර සබඳතා මෑතකදී නරක අතට හැරුණු අතර මේ හේතුවෙන් චීනය පසුගිය මාසයේ ලිතුවේනියාවේ බීජිං හී සිය තානාපතිවරයා ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටියා. 

Source – Colombo times.lk SKY NEWS හා News-i ඇසුරිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles