තමාට රේන්ජ් රෝවර් වර්ගයේ වාහනයක් සහ කෝට්ටේ ප්‍රදේශයේ කෝටි දෙකක් වටිනා නිවෙසක් තිබෙන බව ඔප්පු කළහොත් ඒ මොහොතේම ඒ පුද්ගලයාට එම දේපළ පවරා දීමට කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසයි. රාජ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) ඒ බව පැවසීය.