Wednesday, November 20, 2024

සීගිරිය අනතුරේ

දේශපාලන අනුග්‍රහය මත විවිධ පුද්ගලයින් විසින් සීගිරිය පුරාවිද්‍යා කලාපය තුළ සිදු කර තිබෙන අනවසර ඉදිකිරීම් සහ පුරාවිද්‍යා ප්‍රමිතීන්ට අනුකූල නොවන ලෙස රජය කරගනෙ යනු ලබන ඇතැම් ක්‍රියාමාර්ග නිසා සීගිරිය දැඩි අවදානමකට ලක්ව ඇති බව අනාවරණය වේ.

ලෝක උරුමයක් වශයෙන් යුනෙස්කෝ සංවිධානය විසින් සීගිරිය පිළි‍ගණු ලැබීය. එහෙත් මේ වනවිට එය විවිධ පාර්ශවයන්ගෙන් තර්ජනයට ලක් වතිබේ. ස්වභාවිකව සිදුවන වෙනස්කම් නිසා එක් පැත්තකින් තර්ජනයට ලක්ව ඇති අතර වානිජ අරමුණු වෙනුවෙන් මෙය භාවිතා කිරීම ඉහළ යාමත් සමග වඩා වැඩි තර්ජනයට ලක් වී ඇති බව හෙළි වේ.

වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මැදිහත්වීමෙන් සීගිරිය පුරාවිද්‍යා කළාපය තුළ තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ගෙන ඇතත් වර්තමාන ආණ්ඩුවේ දේශපාලන බලවතුන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles