අද මධ්‍යම රාත්‍රි සිට තැපෑල වෘත්තීය ක්‍රියාමාර්ගයක…

0
360

අද මධ්‍යම රාති‍්‍රයේ සිට තැපැල් වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයකට එළඹෙන බව සඳහන් වෙනවා. මේ අනුව, තැපැල් දෙපාර්තමේන්තුවේ විසි දෙදහසකට අධික සේවක පිරිසක් මෙසේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයකට එළඹෙනු ඇති. තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු H.K. කාරියවසම් මහතා පවසන අන්දමට, නව බඳවා ගැනීම් පටිපාටියක් සිය සේවකයින් මත බලෙන් පැටවීම මෙම ක්‍රියාමාර්ගයට හේතුවී ඇත.

තැපැල් දෙපාර්තමේන්තුවට අනුගත කළ නොහැකි මෙම නව බඳවා ගැනීම් පටිපාටිය කිසිසේත්ම නොගැලපෙන බවයි H.K. කාරියවසම් මහතා කියන්නේ. කෙසේ වෙතත්, මෙම පටිපාටිය බලෙන් පටවන බවයි ඔහු කියන්නේ. මේ හේතුවෙන් ඉහළ සිට පහළ නිලධාරීන් සියලුම දෙ


නාගේ බඳවා ගැනීම්, උසස්වීම් ආදී සියලු කටයුතු ඇණ හිිට ඇති බවත් පැවසෙනවා.

H.K. කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, 2016 වසරේ නිකුත් කළ නව වැටුප් චක‍්‍රලේඛය මගින්ද තැපැල් සේවකයන්ට ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවයි. මේ හේතූන් නිසා ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙණු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here