නවසීලන්තය, එංගලන්ත ක්‍රිකට් සංචාර අවලංගු කිරිම් මැද පකිස්තානයේ දී පුද්ගලයන් සිව්දෙනෙකු පුපුරණ ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

0
495

පකිස්තානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත් ගැටලු පවතින බවට නැගෙන වාර්තා සනාථ කරමින් පුද්ගලයන් සිවිදෙනෙකු පුපුරණ ද්‍රව්‍ය තොගයක් ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ලාහෝර්හිදී මෙම පුද්ගලයන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්ජාබ් ප්‍රාන්ත ත්‍රස්ත පරීක්ෂණ ඒකකය මගිනි.

කරච්චි හි පදිංචිකරුවන් වන මෙම පුද්ගලයන් සිව්දෙනා විශේෂ පුද්ගලයන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීමට සූදානම්ව සිට ඇති බව දැනට කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මේ මාසය මුලදී ද සින්ද් ප්‍රාන්ත පොලිසිය සැප්තැම්බර් මාසයේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවට අනතුරැ අගවා තිබිණ.

ඇෆ්ගනිස්තානයේ මතුව ඇති අනාරක්ෂිත තත්වයත් සමග පකිස්තානයේ ද ආරක්ෂාව සම්බන්ධ අලුතින් ගැටලු මතුව ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here