පැයකට රිපෝට් 500ක්, දිනකට 7000ක් – ලංකාවේ ‌ලොකුම PCR රසායනාගාරය ඇරෙයි !

0
474

කොරෝනා වසංගතය සමග සමස්ථ ලෝකයටම විශාල අභියෝගයක් එල්ල වූ බවත්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සදහා උත්තර සොයමින් සිටින බවත් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ , කැනඩා මිත්‍ර මාවතේ , නව පී.සී.ආර්. වෛද්‍ය පරීක්ෂණාගාරය ඊයේ (23) උදෑසන විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

මෙම නව පී.සී.ආර්. වෛද්‍ය රසායනාගාරය හොස්පිනෝම් (Hospinorm) ආයතනය සහ සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම විසින් ඒකාබද්ධව පවත්වා ගෙන යනු ලබයි මෙම හොස්පිනෝම් ආයතනය ජර්මනියේ සහ ඩුබායි වල සිය මව් සමාගම් පවත්වා ගෙන යනු ලබයි.

අති නවීනතම වෛද්‍ය උපකරණවලින් සමන්විත මෙම වෛද්‍ය රසායනාගාරයට පැයකට අදාළ පරීක්ෂණ සිදු කර වාර්තා 500ක් නිකුත් කිරීමේ ධාරිතාවයක් ඇති අතර , දිනක කාළයක් තුළ පී.සී.ආර්. වාර්තා 7,000 ක් නිකුත් කිරීමේ හැකියාවක් පවතී .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here