Thursday, November 28, 2024

ඥානසාර හිමියන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන්න – ඩිලාන් පෙරේරා

මෙරට තුළ පාස්කු ප්‍රහාරය හා සමාන තවත් අන්තවාදී ප්‍රහාරයක් එල්ලවීමේ ඉඩකඩක් පවතින බවටත් , ඒ සදහා අවශ්‍ය බඩු පවා සූදානම් කරගෙන සිටින බවටත් අන්තවාදී ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි රූපවාහිනී නාලිකාවන් දෙකක් සමග කළ ප්‍රසිද්ධ ප්‍රකාශ ගැන කඩිනමින් වහාම විමර්ශනයක් ආරම්භ කළයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.ඒ මහතා සදහන් කර සිටියේ එසේ නොමැති වුවහොත් සිංහල මුස්ලිම් නැති ප්‍රශ්නයක් නැවත ඇතිවිය හැකි බවකි.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

“මේ දවස්වල තවත් කතාවෙන දෙයක් තමයි අපෙ ඥානසාර හාමුදුරුවො මෑතකදී නාලිකා දෙකකට – එකක් පෞද්ගලික නාලිකාවක්, අනෙක රජයේ නාලිකාවක් – තවත් සහරාන් වර්ගයේ ප්‍රහාරයක් එනවාය, උන්වහන්සේ දන්නවාය, ඒවාට සම්බන්ධ අයත් දන්නවාය යනාදී වශයෙන් කරපු ප්‍රකාශය. ඒක බරපතළ ප්‍රකාශයක්.

උන්වහන්සේ පළමු සහරාන් ප්‍රහාරයට ඉස්සෙල්ලාත් යම් යම් දේවල් කිව්වා. මම උන්වහන්සෙත් එක්ක කොහෙත්ම සමහරවෙලාවට එකඟවෙන්නෙ නෑ කියන්න තමුන්නාන්සෙලා දන්නවා. මොකද මට තරම් උන්නාන්සෙ තදින් බැනපු කෙනෙක් නෑ. හැබැයි උන්නාන්සෙ ඔය සහරාන්ලාගේ ප්‍රහාරය ගැන ඔය කියන කතාව පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්න ඕනෙ. මොකද උන්නාන්සේ ඒක ඒ පැත්තෙන් කියනකොට හින්දෑරි උන්නාන්සෙගෙ සේනාංකයත් සිංහලයින් සහ කතෝලිකයින් භේදකිරීම සඳහා වැඩේ පටන් අරන් තියෙන්නෙ. ඔය දෙන්නාම තමයි මේ රටේ නැති හලාල් ප්‍රශ්නයක් හදලා සිංහල – මුස්ලිම් මිනිස්සු භේද කරන්න පටන් ගත්තෙ. කවුද මුලින්ම හලාල් ප්‍රශ්නෙ ඇද්දෙ ? ඥානසාර උන්නාන්සෙද නෑ. හීන්දෑරි උන්නාන්සෙ මහින්ද රාජපක්ෂ මහතාගෙ ආණ්ඩුවෙ ඇමති කෙනෙක් කාලෙ. නැති හලාල් ප්‍රශ්නයක් ඇදලා ගත්තෙ. ඊට පස්සෙ තමා ඒකට ඥානසාර හාමුදුරුවො එකතුවුණේ.

දැන් නැවත වරක් මේ දෙන්නා කරන්නෙ ඒකමයි. එක පැත්තකින් ඥානසාර හාමුදුරුවොන්ට ඇත්තටම විස්තර තියෙනවා නම් ඊගාව ප්‍රහාරයක් ගැන, දින වකවානු ගැන, උන්නාන්සෙ එහෙමයි ඒ වැඩසටහන් දෙකේදිම දේශනා කළේ, එහෙනම් වහාම උන්වහන්සේව කැඳවලා පරීක්ෂණයක් කරන්න ඕනෙ. අයිටීඑන් නාලිකාවෙ තීරණය ඒ වැඩසටහන මෙහෙයවපු මහත්මයා වුණත් ගෙනල්ලා අහන්න ඕනෙ මොනවද කිව්වෙ කියලා. මොකද උන්නාන්සෙ ඒ කියන එකේ ඇත්ත අපි හෙළිදරව් කරගත යුතුව පවතිනවා. එහෙම නැත්නම් නැවත ප්‍රහාරයක් සිද්ධ වුණායින් පස්සෙ උන්වහන්සෙ අද කාදිනල් උන්නාන්සෙට දික් කරන ඇඟිල්ලම අපට දික් කරයි”

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (23) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles