කබ්රාල්ගේ පත්වීමට එරෙහිව සජබෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක්

0
348

අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාව ශ්‍රී ලංකා මහබැංකු අධිපති ලෙස පත්කිරීම බලරහිත කරන මෙන් ඉල්ලා සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් දෙකක් ගොනුකර තිබේ. 

සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ මනූෂ නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මෙම පෙත්සම් ගොනුකර ඇත. 

නීතිපතිවරයා, මුදල් අමාත්‍යවරයා, අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා, ජනාධිපති ලේකම්වරයා සහ ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් වශයෙන් නම් කර ඇති බව සඳහන්. 

මීට පෙර හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ද කබ්‍රාල් මහතාගේ පත්වීම අත්හිටුවන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබිණි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here