ඇෆ්ගනිස්ථානයේ විදේශ සංචිත නිදහස් කරන්න – චීනය ඇමෙරිකාවට දන්වයි

0
294

ඇෆ්ගනිස්ථානය සතුව තිබූ විදේශ සංචිත වහා නිදහස් කිරීමට කටයුතු කරන ලෙස චීනය ඇමෙරිකාවෙන් ඉල්ලා සිටිනවා. ජී 20 විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතරමින් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මේ බව දන්වා සිටියා. ඩොලර් බිලියන 9.5 ක් පමණ වන ඇෆ්ගනිස්ථාන විදේශ සංචිත ඇමෙරිකාවේ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කර ඇති අතර තලේබාන්වරුන් ඇෆ්ගනිස්ථානයේ පාලන බලය අත්පත්කර ගැනීමෙන් අනතුරුව එම සංචිත තහනම් කිරීමට ඇමෙරිකාව පියවර ගත්තා.

ඇෆ්ගනිස්ථාන විදේශ සංචිත දේශපාලන මෙවලමක් බවට පත්කළ යුතු නැති බවයි චීනය දැනුම් දෙන්නේ.

ඇෆ්ගනිස්ථාන ජනතාව සතු මෙම සම්පත් ඇමෙරිකාව ඒකාපාර්ශවිකව තබා ගැනීම පිළිගත නොහැකි බවද චීනය වැඩිදුරටත් දුන්ම් දෙනවා.

ITN NEWS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here