Monday, December 23, 2024

කුරුඳු අපනයනයෙන් මුල් මාස හතට කෝටි 2,290ක ආදායමක්


කොවිඩ් සමයේ අපනයන වාර්තාවක්
මේ වසරේ මුල් මාස හත තුළ කුරුඳු අපනයනයෙන් රුපියල් කෝටි 2,290ක ආදායමක් ලැබීමට සමත්ව ඇති බව ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය ජී. ජී. ජයසිංහ මහතා පැවසීය .

2020 වර්ෂයේ කුරුඳු මෙට්‍රික් ටොන් 18,000ක් පමණ අපනයනය කළ අතර, ඉන් ලැබුණු ආදායම රුපියල් බිලියන 38.2ක් බවත් මේ වසරෙහි ජූලි 31දා වන විට කුරුඳු අපනයනයෙන් ලැබුණු ආදායම රුපියල් බිලියන 22.9ක් බවත් ඉතිහාසයේ වැඩිම කුරුඳු අපනයනය වූයේ කොවිඩ් තත්ත්වය පැවති කාලවකවානුවේ බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

සමස්ත අපනයන කෘෂි භෝගවලින් ලැබෙන ආදායමට සාපේක්ෂව ගත් විට සමස්ත ආදායමෙන් 50%ක පමණ ආදායමක් ලැබෙන්නේ කුරුඳුවලින් වන අතර, මෙක්සිකෝව, අමෙරිකා එක්සත් ජනපදය, කොලොම්බියා, ස්පාඤ්ඤය ඇතුළු දකුණු අමෙරිකානු රටවල්වලට කුරුඳු අපනයනය කරන බව කියා සිටියේය

දිනමිණ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles